Header

Sri Lanka Army

Defender of the Nation

09th July 2024 20:10:26 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, 54 පාබල සේනාංකයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරාල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව 2024 ජූලි මස 06 දින 54 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනාවන්හී ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ප්‍රමුඛ එම බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් විසින් සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

මෙම සංචාරයේදී භටපිරිස් ආමන්ත්‍රණය කළ ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් යුද්ධ හමුදාවේ ගෞරවය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් පුහුණුව, විනය ආරක්‍ෂා කිරීම සහ වගකීමෙන් යුතුව රාජකාරියේ නිරතවීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කළේය. එමෙන්ම, යුද්ධ හමුදා දිවිය සහ පුද්ගලික දිවිය සමබරව පවත්වාගැනීම පිළිබඳවත් මව්බිම වෙනුවෙන් ඔවුන් සතු වගකීම පිළිබඳවත් එතුමන් වැඩිදුරටත් අවධාරණය කරනු ලැබීය. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය. පසුව, 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති, කර්නල් ප්‍රධාන මාණ්ඩලික සහ බුද්ධි නිලධාරි විසින් ඔවුන් සතු වගකීම් සහ රාජකාරිමය ස්වභාවය පිළිබඳව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් දැනුවත් කළහ.

සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 542 සහ 543 පාබල බලසේනාවන්හී සංචාරයක නිරත විය.