07th July 2024 14:32:25 Hours
යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 02 දින 8 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
ඒකක මූලස්ථානය වෙත සපැමිණි කර්නල් සේනාවිධායකතුමන් එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.
පසුව, එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන් විසින් ඒකකයේ වත්මන් මෙහෙයුම් සහ පරිපාලනමය කටයුතු පිළිබඳ කර්නල් සේනාවිධායකතුමන් සවිස්තරාත්මකව දැනුවත් කළේය. අනතුරුව, මෙම සංචාරය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සිී ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර, ඒකකයේ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
පසුව, සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වෙමින් භටපිරිස් සමඟ සුහඳ පිළිසඳරක නිරත වූ කර්නල් සේනාවිධායකතුමන් ඉන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කරනු ලැබීය. භටපිරිස් ආමන්ත්‍රණය කරමින් එතුමන් වෘත්තීය දිවිය තුළදී ඉහළ ප්‍රමිතියෙන් යුතුව විනය පවත්වාගනිමින් වෘත්තීයභාවයේ වටිනාකම පවත්වාගැනීම පිළිබඳ කරුණු අවධාරණය කළේය. භටපිරිස්හි සුභසාධන කටයුතු පිළිබඳ සොයාබලමින් එතුමන් එම කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක ද නිරතවිය.
සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් කර්නල් සේනාවිධායකතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.