Header

Sri Lanka Army

Defender of the Nation

07th July 2024 07:48:35 Hours

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් ‘මානසික ආතතියෙන් මිදීම’ පිළිබඳ දේශනයක්

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් 2024 ජූලි මස 04 දින යුද්ධ හමුදා භටපිරිස් 114 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ‘මානසික ආතතියෙන් මිදීම’ තේමාව ඔස්සේ දේශනයක් පැවැත්වීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ මේජර් එස්.වී.ආර්.ඒ. ද සිල්වා විසින් මෙම දේශනය පවත්වනු ලැබීය. එහිදී, මානසික ආතතිය කළමනාකරණය කරගැනීමේ විවිධ ශිල්පීය ක්‍රම පිළිබඳව සාකච්ඡා කළ අතර, ආතතිය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා වටිනා උපායමාර්ගයන් පිළිබඳව ද දැනුවත් කෙරිණී.