Header

Sri Lanka Army

Defender of the Nation

09th July 2024 19:45:58 Hours

ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායකතුමන් 14 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක

යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 04 දින 14 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.

සංචාරයේ නිරත කර්නල් සේනාවිධායකතුමන් 14 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

ඉන් අනතුරුව, එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන් විසින් ඒකකයේ වත්මන් මෙහෙයුම් සහ පරිපාලනමය කටයුතු පිළිබඳ කර්නල් සේනාවිධායකතුමන් සවිස්තරාත්මකව දැනුවත් කරනු ලැබීය. පසුව, මෙම සංචාරය සනිටුහන් කරමින් එතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව එම ඒකකයේ නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය.

සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ කර්නල් සේනාවිධායකතුමන් සියලු නිලයන් සමඟින් සුහඳ පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කළේය. සිය දේශනයේදී, වෘත්තීය දිවිය තුළදී විනය ඉහළ මට්ටමින් පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කරනු ලැබීය. පසුව, එතුමන් භටපිරිස්හී සුභසාධන පහසුකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරමින් කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක ද නිරතවිය.

සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී එම ඒකකයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.