Header

Sri Lanka Army

Defender of the Nation

09th July 2024 19:44:04 Hours

51 පාබල සේනාංකය සහ උරුම්පිරායි යාපනය කනිෂ්ඨ පාපන්දු ඇකඩමිය එක්ව පාපන්දු තරගාවලියක් පවත්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ 51 පාබල සේනාංකය සහ උරුම්පිරායි යාපනය කනිෂ්ඨ පාපන්දු විද්‍යාපීඨය එක්ව කෝපායි, 51 පාබල සේනාංක මූලස්ථානයේ පිහිටි ‘CIMIC’ උද්‍යාන පාපන්දු ක්‍රීඩාංගණයේදී 2024 ජූලි මස 6 සහ 7 යන දිනයන්හිදී පාපන්දු තරඟාවලියක් පවත්වන ලදී.

උතුරු පළාතේ කනිෂ්ඨ පාපන්දු කණ්ඩායම් 32ක් මෙම තරඟාවලියට සහභාගි වූ අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී විය.

තරඟාවලිය පැවැත්වීමේ සියලුම කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් 51 පාබල සේනාංකය විසින් සපයන ලදී. ඉදිරියේදී පැවැත්වීමට නියමිත දෙවන වටයේ තරඟයන් සඳහා කණ්ඩායම් අටක් මෙහිදී තෝරා ගැනිණි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, ගම්වාසීන්, දෙමාපියන්, ගුරුවරුන් සහ සිසුන් සහභාගී වූහ.