2024-07-11 18:12:43
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජූලි මස 08 දින 56 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනාවන්හී නිල සංචාරයක නිරත විය.
2024-07-11 18:11:37
මැණික් ගඟ හරහා ගමන්කරමින් සිටියදී 2024 ජුලි මස 06 දින ඛේදජනක අයුරින් කිඹුල් ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ බැතිමතෙකු ජීවිතක්ෂයට පත්විය. එම හේතුවෙන්, තවදුරටත් එවැනි සිදුවීම් වළක්වාගැනීම සඳහා මැණික් ගඟ හරහා අඩි 83 ක දිගකින් යුත් දැලක් සවිකරනු ලැබීය. 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්ෂණය මත නාවික හමුදාව, පොලීසිය සහ වනජීවී බලධාරීන්ගේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-07-11 18:09:52
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර මූලිකත්වයෙන් 2024 ජූලි මස 10 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දේශන ශාලාවේදී දේශන මාලාවක් පවත්වනු ලැබීය. 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් වී.එන්.එම්. ජයසේකර යූඑස්පී එල්එස්සී ගේ මූලිකත්වයෙන් මෙම දේශන මාලාව පැවැත්විණි.
2024-07-11 18:09:34
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී 2024 ජූනි මස 29 දින මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදාගැනීමෙන් අනතුරුව මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. ඉන් අනතුරුව, එතුමන් ගෙඩිගේ විහාරස්ථානය සහ අස්ගිරිය පිරිවෙන වෙත ගොස් වන්දනාමාන කරනු ලැබීය.
2024-07-11 11:29:58
ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්ගේ උත්සාහයක ප්‍රතිඵලයක්
2024-07-10 20:08:34
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්
2024-07-10 20:02:20
අනුරාධපුර මහ රෝහලේ තැලසීමියා ඒකකයේ රෝගීන් 33 දෙනෙකු 2024 ජූලි මස 06 සහ 07 යන දිනයන්හිදී ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනයේ සංචාරයක නිරත වූහ. කන්කසන්තුරේ දුම්රිය ස්ථානය වෙත පැමිණි පිරිස එම ආරක්ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
2024-07-10 19:56:48
ජනමාධ්‍ය සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ රාජකාරි කරනු ලබන රණවිරුවා සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ සුජිත් චාමින්ද විසින් 2024 ජූනි මස 23 දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී ‘හමුදා ඉතිහාසය සහ යුද සාහිත්‍යය’ මැයෙන් දේශනයක් පවත්වන ලදී. එම දේශනය සඳහා නිලධාරීන් සහ සෙසුනිලයන් 400 කට ආසන්න පිරිසක් සහභාගි වූහ.
2024-07-10 19:49:55
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා මාණ්ඩලික සැරයන් දිල්හානි ලේකම්ගේ ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් අනුව 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගෙන ඇත.
2024-07-09 20:14:42
විශ්‍රාම දිවියට එළඹීම සඳහා ධූරයෙන් නික්ම යන 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ජුලි මස 05 දින එම මූලස්ථානයේදී පැවැත්විණි.