Header

Sri Lanka Army

Defender of the Nation

09th July 2024 20:14:42 Hours

ධූරයෙන් නික්ම යන 1 බලකායේ සිව්වන බලකාධිපතිතුමන් වෙත එම බලකායේ ගෞරවාචාරය

විශ්‍රාම දිවියට එළඹීම සඳහා ධූරයෙන් නික්ම යන 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ජුලි මස 05 දින එම මූලස්ථානයේදී පැවැත්විණි.

ධූරයෙන් නික්මයාම සනිටුහන් කරමින් මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීමෙන් අනතුරුව එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

ඉන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු නිලයන් වෙත සිය කෘතවේදීත්වය පුදකළ අතර, යුද්ධ හමුදාවේ කීර්තිනාමය ඉහළ නැංවීම වෙනුවෙන් අඛණ්ඩව කැපවීමෙන් රාජකාරි කරන මෙන් ඔවුන් දැනුවත් කළේය. පසුව, ධූරයෙන් නික්ම යන බලකාධිපතිතුමන් 1 බලකාය යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය.

උත්සවයේ සමාප්තියට ප්‍රථම 1 බලකා මූලස්ථාන කොමිශන් නොලත් නිලධාරී සමාජ ශාලාවේදී පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් සහභාගී විය.