Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2024 20:08:34 Hours

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථානයන්හී ආරක්‍ෂාව වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් යොදවයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් 2024 ජූලි මස 09 දින ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථානයන්ට ආරක්‍ෂාව සැලසීම සඳහා පොලිසිය වෙත සහයෝගය දැක්වීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් යොදවන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය වෙතින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත දැනුම් දී ඇත. ඒ අනුව, දුම්රිය ස්ථානයන් වෙත යුද්ධ හමුදා භටපිරිස් යෙදවීමට යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සහ මධ්‍යම ආඥාපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ මහනුවර, කටුගස්තොට, මාතලේ, පේරාදෙණිය, ගම්පොළ, නාවලපිටිය, හැටන්, වටවල, කොටගල, තලවකැලේ, නානුඔය, අඹේවෙල, පුත්තලම, හලාවත, මාදම්පේ, නාත්තන්ඩිය, අලව්ව, පොල්ගහවෙල, කුරුණෑගල සහ මහව ඇතුළු දුම්රිය ස්ථාන 45 ක ආරක්‍ෂාව වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් යොදවා ඇත.