11th July 2024 18:12:43 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජූලි මස 08 දින 56 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනාවන්හී නිල සංචාරයක නිරත විය.
සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, නියෝජ්‍ය සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන් සහ මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් පිළිගැනීමේ කථාව පැවැත්වීමෙන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි පුහුණුව සහ විනය තුළින් යුද්ධ හමුදාවේ ප්‍රමිතීන් ආරක්‍ෂා කරමින් සාමය සහ ආරක්‍ෂාව පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය.
ඉන් අනතුරුව, එම සේනාංක මූලස්ථානයේ ප්‍රථම නිල සංචාරය සනිටුහන් කරමින් 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.
පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන්ගේ සුරතින් එම සේනාංකයේ කාර්යාල සංකීර්ණය ඉදිරිපිට අඹ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය.
56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් එහිදී සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකරමින් එම සේනාංක මූලස්ථානයේ මෙහෙයුම් සහ කාර්යභාරයන් සබැඳිව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් දැනුවත් කළේය. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි 561, 562 සහ 563 පාබල බලසේනාවන්හී සංචාරයක නිරත වූ අතර එම බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් විසින් ඔවුන් සතු කාර්යභාරයන් සබැඳිව දැනුවත් කිරීම් සිදුකළහ.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.