11th July 2024 11:29:58 Hours
ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්ගේ උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් ගරු සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමන්ගේ මැදිහත්වීමෙන් මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත රජයේ රෝහල්වලින් සහ සායනවලින් සෞඛ්‍ය සේවා ලබාගැනීමේදී ප්‍රමුඛතා සේවාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දී ඇත.
රණවිරුවන් සෞඛ්‍ය සේවා ලබාගැනීමේදී මුහුණපාන දුෂ්කරතාවයන් පිළිබඳ දැනුවත් වූ ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්, ගරු සෞඛ්‍ය අමාත්‍යතුමන් සමඟ සාකච්ඡා කර මෙම පියවර ගෙන ඇත. එම සාකච්ඡාවේදී, ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් විසින් සිදුකළ ඉල්ලීමකට අනුව ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් හිමියන් රජයේ රෝහල් තුළින් සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමේදී ඔවුන්ට ප්‍රමුඛත්වය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වී ඇත.
ඒ අනුව, විරුසර කාඩ්පත් හිමි රණවිරුවන්ට සහ ඔවුන්ගෙන් පවුල්වල සාමාජිකයන් රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් මෙන්ම වෛද්‍ය, දන්ත, අක්‍ෂි, ළමා හා ප්‍රසව සහ වෙනත් සායනවලින් ප්‍රතිකාර ලබාගැනීමේදී ප්‍රමුඛතා සේවාවක් ලබාගැනීමේ හැකියාව පවතී. අදාළ රෝහල්වල අධ්‍යක්‍ෂවරුන්, වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු සිය කාර්යය මණ්ඩලයට මෙම පහසුකම පිළිබඳව දැනුම්දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් සියලුම පළාත් සෞඛ්‍ය සේවා සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන් දැනුවත් කිරීමට ද කටයුතු කර ඇත.
මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට කෘතවේදීත්වය පුදකිරීමක් වශයෙන් මෙම සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.