2016-11-10 10:58:05
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 26 වන සංවත්සරය කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගනයේ දී අඟහරුවාදා (01) දින සමරන ලදි. එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න සහභාගි විය.
2016-11-09 15:36:06
කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ අද (08) දින උදෑසන පැවති චාම් උත්සවයේ දී මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා නව සේනාවිධායක ලෙස රාජකාරි භාර ගන්නා ලදි.,
2016-11-09 15:32:14
මේජර් ජෙනරාල් ඒ.එස්. ද ඉසෙඩ් වික්‍රමරත්න නව විධායක ජෙනරාල් ලෙස යුද හමුදා මුලස්ථාන එම කාර්යාලයේ දී සඳුදා (08) උදෑසන සුභ මොහොතින් ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාර ගන්නා ලදි. එහිදි මේජර් ජෙනරාල් ඒ.එස්. ද ඉසෙඩ්. වික්‍රමරත්න විසින් නිල ලේඛණවලට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සිදු කෙරිනි.
2016-11-09 15:17:11
සිව් වසරකට අධික කාලයක් වන්නි ආරක්ෂක සේනා ආඥාපති ධූරය හෙඹවා සිය ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා වෙනුවෙන් පසුගිය සතියෙහි වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ මෙන්ම බෝගස්වැව සහ වෙහෙරතැන්න හිදී ද සමුගැනීමේ උත්සවයන් සංවිධානය කර තිබුණි.
2016-11-09 15:00:22
ජාතික රයිෆල් සංගමය මඟින් සංවිධානය කළ IMSSU ජාතික වෙඩි තැබිමේ තරඟාවලියේ සහතිකපත් ප්රදානෝත්සවය ඉරිදා (06) දින පස්වරුවේ පානලුව වෙඩි පිටියේ දී පවත්වන ලදි. එම සහතිකපත් ප්රදානෝත්සවය බටහිර ආරක්ෂක සේනා ආඥාපති හා ජාතික රයිෆල් සංගමයේ සභාපති වන මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මුලිකත්වයෙන් පැවැත්විනි.
2016-11-08 15:58:11
මේජර් ජෙනරාල් ජේ.ආර් කුලතුංග වන්නි ආරක්ෂ සේනා ආඥාපති ලෙස සඳුදා (7) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන කාර්යාලයේ දී රාජකාරී භාර ගන්නා ලදි.
2016-11-08 15:53:01
මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පවත්වනු ලැබූ තවත් විශේෂ පාබල මෙහෙයුම් පාඨමාලාවක් පසුගියදා නිමාවට පත් විය.
2016-11-07 16:40:22
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ ගේ උපදෙස් මත මොණරාගල පාසල් සිසුන් 60 ක් සඳහා ඔක්තෝබර් මස 31 සිට නොවැම්බර් මස 01 දක්වා දියතලාව......
2016-11-07 16:34:02
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිදාරීන් සහ ඩිප්ලෝමාදාරීන් 63 දෙනෙකු මෙන්ම කාර්යමණ්ඩලයෙහි තිදෙනෙකු සෙනසුරාදා (5) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය.
2016-11-07 16:27:38
කිලිනොච්චි හි පිහිටි අම්පකාමම් පුහුණු පාසලෙහි පුහුණූලාභීන් සඳහා නවතමයෙන් ඉදි කරනු ලැබූ පහසුකම් සහිත ගොඩනැගිල්ල සෙනසුරාදා (5) වන දින විවෘත කරනු ලැබීය.