Header

Sri Lanka Army

Defender of the Nation

10th November 2016 10:58:05 Hours

ජාතික ආරක්ෂක බලමුළු 26 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 26 වන සංවත්සරය කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගනයේ දී අඟහරුවාදා (01) දින සමරන ලදි.

එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න සහභාගි විය.

එහිදී හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙලපාලියක් පවත්වනු ලැබූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලඇණි 25 ක් නියෝජනය කරමින් නිලධාරීන් 27 දෙනෙකු සහ සෙසු නිලයින් 627 දෙනෙකු සහභාගි වූහ.

සංවත්සරයට සමඟාමීව ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදි.

අනතුරුව රෙජිමේන්තු අධිපති සියලු නිලයින් අමතනු ලැබීය.

එදිනම පස්වරුවෙහි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වන ලදී.

එමෙන්ම සංවත්සරයට සමඟාමීව සර්ව ආගමික වතාවත් ද පවත්වනු ලැබීය.

මීට සමගාමිව ඔක්තෝබර් මස 28 සහ 29 යන දිනයන්හි සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් සහ මහා සංඝරත්නය විෂයෙහි ලා දානමය පිංකමක් ද පවත්වනු ලැබීය. එම අවස්ථාවන්හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න සහභාගි විය.

මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තු කාර්යමණ්ඩලය, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දේශය වෙනුවෙන් දිවි පිදූ ජාතික ආරක්ෂක බලමුළු විරුවන්ගේ දෙමව්පියන් සහ ජාතික ආරක්ෂක බලමුළු සාමාජිතයින්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

url clone | adidas garwen spezial white shoes - New In Shoes for Men