Header

Sri Lanka Army

Defender of the Nation

09th November 2016 15:00:22 Hours

IMSSU ජාතික වෙඩි තැබිමේ තරඟාවලිය නිමා වේ

ජාතික රයිෆල් සංගමය මඟින් සංවිධානය කළ IMSSU ජාතික වෙඩි තැබිමේ තරඟාවලියේ සහතිකපත් ප්‍රදානෝත්සවය ඉරිදා (06) දින පස්වරුවේ පානලුව වෙඩි පිටියේ දී පවත්වන ලදි.

එම සහතිකපත් ප්‍රදානෝත්සවය බටහිර ආරක්ෂක සේනා ආඥාපති හා ජාතික රයිෆල් සංගමයේ සභාපති වන මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මුලිකත්වයෙන් පැවැත්විනි.

මෙම ජාතික වෙඩි තැබිමේ තරඟාවලිය නොවැම්බර් මස 2 සිට 6 දක්වා පානලුව මීටර් 1000 වෙඩිපිටියේ දී පැවැත්විය.

ශ්‍රී ලංකා යුද හමුදා සහ ගුවන් හමුදා කණ්ඩායම් මෙම තරඟාවලිය සඳහා සහභාගි වූහ.

ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම තරඟාවලියේ දක්ෂතම කණ්ඩායම බවට පත්විය.

බටහිර ආරක්ෂක සේනා ආඥාපති සමඟින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් සමාජවල සාමාජිකයින් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

එම තරඟාවලියේ අවසන් ප්‍රතිඵල පහතින් දැක්වේ

Small Bore Rifle Scope Mounted තරගයෙහි ශුරතාව - කපිතාන් ජේ.ඒ.එස්. ජයංග - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

Small Bore Rifle Open Sight තරගාවලියේ ශුරතාව - මේජර් සී.එස්. රත්නායක - ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය

Small Bore Pistol තරගයහි ශුරතාව - ලුතිතන් ඩබ්.ඒ.පි. හේමචන්ද්‍ර - ගැමුණු හේවා බලකාය

Air Rifle තරගයෙහි ශුරතාව - මේජර් සී.එස්. රත්නායක - ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය

Air Pistol තරගයෙහි ශුරතාව - රුවනි අබේමාන්න - මිගමුව රයිෆල් වෙඩි තැබිමේ ක්‍රීඩා සමාජය

best Running shoes | Air Jordan Release Dates 2020