Header

Sri Lanka Army

Defender of the Nation

07th November 2016 16:34:02 Hours

විශ්වවිද්‍යාල සිසුන් කිලිනොච්චියෙහි සංචාරයක

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිදාරීන් සහ ඩිප්ලෝමාදාරීන් 63 දෙනෙකු මෙන්ම කාර්යමණ්ඩලයෙහි තිදෙනෙකු සෙනසුරාදා (5) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය.

එහිදී කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර එම කණ්ඩායම ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන කාර්යභාර්යයන් සහ වගකීම් මෙන්ම පශ්චාත් ගැටුම් සමයේ කළමනණාකාරීත්වය පිළිබඳව එම සිසුන් දැනුවත් කිරීම ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II මේජර් කේ.ඒ.පී.යූ කොඩිප්පිලි විසින් සිදු කරනු ලැබීය.

මෙම සංචාරය තුලදී එම උපාධිදාරීන් කිළිනොච්චි නගරයෙහි ඇති සහයෝගීතා මධ්‍යස්ථානය නැරඹීමට ද ගියහ.

එහිදී 571 බලසේනාවේ බලසේනාධිපති විසින් සහයෝගීතා මධ්‍යස්ථානයයේ කාර්යභාර්යන් හා ව්‍යාපෘති පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කරනු ලැබීය.

මීට අමතරව මෙම සංචාරක පිරිස එල්ටීටීඊ විසින් විනාශ කරනු ලැබූ ජල ටැංකිය, දිස්ත්‍රික් ලේකම්කාර්යාලය, කිළිනොච්චි නගරයෙහි පිහිටි රණවිරු ස්මාරකය සහ අලිමංකඩ පිහිටි රණවිරු ගාමිණී කුලරත්න රණවිරු ස්මාරකය නැරඹීමට ද ඔවුන් අමකත නොකළහ.

8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවෙහි අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් එම්.ජේ.ආර්.එස් මැදගොඩගේ මූලිකත්වයෙන් මෙම සංචාරය සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබීය.

Sneakers Store | Nike