Header

Sri Lanka Army

Defender of the Nation

07th November 2016 16:27:38 Hours

අම්පකාමම් පුහුණු පාසලෙහි නව නේවාසික ගොඩනැගිල්ලක් විවෘත කරයි

කිලිනොච්චි හි පිහිටි අම්පකාමම් පුහුණු පාසලෙහි පුහුණූලාභීන් සඳහා නවතමයෙන් ඉදි කරනු ලැබූ පහසුකම් සහිත ගොඩනැගිල්ල සෙනසුරාදා (5) වන දින විවෘත කරනු ලැබීය.

අම්පකාමම් පුහුණු පාසලේ කාර්යමණ්ඩලය සහ 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු භට පිරිස්හි සහයෝගයෙන් යුතුව එම පුහුණු පාසලේ දීර්ඝකාලයක සිට අඩුපාඩුවක්ව පැවති එම පහසුකම් සහිත ගොඩනැගිල්ල ඉදිකරන ලදී.

එම නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙහි අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහභාගි විය.

57 වන සේනංකයෙහි සේනාංකාධිපති සහ 574 වන බලසේනාවෙහි බලසේනාධිපති ගේ අධීක්ෂණය යටතේ එම නව පහසුකම් සහිත ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබීය.

Running Sneakers | New Balance 991 Footwear