2024-07-15 15:09:29
බුත්තල ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා යුද විද්‍යාලයේ 5 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී 2024 ජූලි මස 12 දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
2024-07-15 13:01:35
ඉදිරියේ දී පැවත් වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් 19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරීගේ මඟපෙන්වීම යටතේ එම බලඇණියේ භටපිරිස් විසින් සිසු සිසුවියන්ගේ
2024-07-15 12:03:17
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පි පිඑස්සි ගේ උපදෙස් මත 4 ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිළධාරි මේජර් එස්. පී.අයි.එච්. සේනානායක පීඑස්සී එල්එස්සී අධීක්ෂණයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් අංග සම්පූර්ණ නව නිවසක් ඉදිකිරීම සඳහා 232 පාබල බළසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්පීඑස් ප්‍රසාද් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ සුරතින් 2024 ජූලි මස 12 දින මුල්ගල තබන ලදී.
2024-07-15 12:00:22
56 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පුතූර් සහ වවුනියාව ප්‍රදේශවල අක්ෂි දුර්වලතා සහිත පුද්ගලයන් වෙත උපකාර කිරීමේ අරමුණින් ඇස් කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනක් 2024 ජූලි මස 10 දින පවත්වන ලදී. 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ "ඒ" කණ්ඩායම් බලප්‍රදේශයේ සහ රාජේන්ද්‍රකුලම් මහා විද්‍යාලයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
2024-07-15 11:57:29
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් හා කාංචන මාරසිංහ මහතාගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් වැලිකන්ද, සිංහපුර, දිඹුලාන ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත යුද්ධ හමුදා සාමාජිකයෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය. මෙම නව නිවස 2024 ජූලි මස 11 දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභියා වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.
2024-07-15 11:56:57
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් පරිදි 22 පාබල සේනාංකයේ සෙබළුන්ගේ ගිණුම්තැබීම පිළිබඳ දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් දින 5 ක ගිණුම්තැබීම පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදී.
2024-07-13 21:50:13
1 බළකායේ 5 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජූලි මස 11 දින හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ කිලිනොච්චියේ පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී රාජකාරි භාරගත්තේය.
2024-07-13 21:45:13
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී 2024 ජූලි මස 05 දින දියතලාව ප්‍රදේශයේ පිහිටි 17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය සහ 8 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා ඒකක මූලස්ථානයන්හි නිල සංචාරයක නිරතවිය.
2024-07-13 21:40:08
10 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් ආලන්කුලම් බලඇණි පුහුණු පාසලේ දී පැවති බලඇණි පුහුණු පාඨමාලාව 2024 ජූලි මස 09 දින සාර්ථකව අවසන් කරන ලදී. මාස දෙකක කාලයක් තුල පැවති මෙම පාඨමාලාව සඳහා එම බලඇණියේ නිලධාරීන් 13 ක් සහ සෙසු නිලයන් 426 ක් සහභාගී වූහ.
2024-07-13 21:35:23
රටේ විශාලතම ජාතික වනෝද්‍යාන වලින් එකක් වන යාල ජාතික වනෝද්‍යානය හෙක්ටයාර් 130,000 කට වඩා පැතිරී ඇති අතර, මහජනතාවට වනාතරය වෙත ප්‍රවේශ වීමට කලාප දෙකකින් සමන්විතය.