Header

Sri Lanka Army

Defender of the Nation

15th July 2024 12:03:17 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලකට නව නිවසක් ඉදිකරදීම සඳහා මුල්ගල් තැබේ

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පි පිඑස්සි ගේ උපදෙස් මත 4 ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිළධාරි මේජර් එස්. පී.අයි.එච්. සේනානායක පීඑස්සී එල්එස්සී අධීක්ෂණයෙන් ‍නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් අංග සම්පූර්ණ නව නිවසක් ඉදිකිරීම සඳහා 232 පාබල බළසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්පීඑස් ප්‍රසාද් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ සුරතින් 2024 ජූලි මස 12 දින මුල්ගල තබන ලදී.

මෙම සමාජ සත්කාරය සදහා මූල්‍යමය දායකත්වය මාතලේ කයිකාවල පිහිටි Oman Lanka Mineral Exploration Private Limited ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂක වතානි මෝහනාශාකර් මැතිණිය විසින් සිදුකරනු ලබයි. මෙම නිවස ඉදිකිරීම සදහා රුපියල් මිලියන 1.4 ඇස්තමේන්තු ගතකර ඇති මුදල ඇය විසින් සපුරාලීමට නියමිතව ඇති අතර, නව නිවසේ ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය 4 ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් සිදුකරනු ලබයි.