13th July 2024 21:45:13 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී 2024 ජූලි මස 05 දින දියතලාව ප්‍රදේශයේ පිහිටි 17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය සහ 8 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා ඒකක මූලස්ථානයන්හි නිල සංචාරයක නිරතවිය.
සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම එම ඒකක මූලස්ථානයන්හී අණදෙන නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම ඒකකයන්හි කාර්යභාරය සහ පරිපාලන කටයුතු සබැඳිව එතුමන් දැනුවත් කරන ලදී. පසුව, එම ඒකකයේ ප්‍රවර්ධනය වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ද ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම විසින් ලබාදෙන ලදී.
මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.