Header

Sri Lanka Army

Defender of the Nation

13th July 2024 21:50:13 Hours

1 බළකායේ, බලකාධිපති ලෙස මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී රාජකාරි අරඹයි

1 බළකායේ 5 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජූලි මස 11 දින හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ කිලිනොච්චියේ පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී රාජකාරි භාරගත්තේය.

ප්‍රධාන දොරටුව වෙත සපැමිණි බලකාධිපති තුමන්වෙත 2 කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය හා 53 පාබල සේනාංක,58 පාබල සේනාංකය,ගුවන් සංග්‍රමික බලසේනාව,කමාන්ඩෝ බලසේනාව සහ විශේෂ බලකා බලසේනාවේ භට පිරිස් විසින් සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

එතුමන් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනාවන් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය

ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට පෙනී සිට එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය

එතුමන් එම අවස්ථාවට පැමිණි සියලු නිලයන් අමතමින්, නිලධාරීන් සහ සෙසු නිලයන් වෙත පැවරී ඇති යුතුකම් සහ වගකීම් පිළිබඳව දැනුවත් කරමින් යුද්ධ හමුදාවේ රාජකාරී ඉටු කිරීමේදී විනය පවත්වා ගැනීම පිළිබඳව කරුණු අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ආරාධිතයෙකු ලෙස සහභාගි වූ මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ගේ මූලික කමාන්ඩෝ පාඨමාලාවේ උපදේශක වරයෙකු වන බළලත් නිලධාරී 1 අයි.යූ.ජී. ජයවීර (විශ්‍රාමික) සහ භාගි විය. 1993 වර්ෂයේ 2 කමාන්ඩෝ රෙජිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී එම රෙජිමේන්තුවේ ඛණ්ඩ භාර නිලධාරි සහ කණ්ඩායම් භාර නිලධාරි වශයෙන් රාජකාරි කිරිමේ දී බළලත් නිලධාරී තුමන් ඛණ්ඩ භාර සැරයන් සහ කණ්ඩායම් භාර සැරයන් මේජර් වශයෙන් ද රාජකාරි ඉටුකර ඇත. මෙම රණවිරුවන් දෙදෙනාම සුමන, එදිබල, Leap Forward, රිවිරැස, සත්‍ජය සහ ජයසිකුරු මෙහෙයුම් සඳහා එක්ව දායක වී ඇත.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.