Header

Sri Lanka Army

Defender of the Nation

15th July 2024 11:57:29 Hours

දිඹුලාන ප්‍රදේශයේ ජීවත්වන නිවාස අවශ්‍යතා සහිත යුද්ධ හමුදා සාමාජිකයෙකු වෙනුවෙන් 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මූලිකත්වයෙන් නව නිවසක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් හා කාංචන මාරසිංහ මහතාගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් වැලිකන්ද, සිංහපුර, දිඹුලාන ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත යුද්ධ හමුදා සාමාජිකයෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය. මෙම නව නිවස 2024 ජූලි මස 11 දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභියා වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.

9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්.අයි.එස්. චන්ද්‍රකුමාර යූඑස්පී පීඑස්සී අයිජී ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය තුළින් නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ සුරතින් පිරිත් සජ්ඣායනාවන් මධ්‍යයේ සුභ මොහොතින් නව නිවසේ යතුරු නිවාසලාභියා වෙත භාරදෙනු ලැබීය. නිවස විවෘත කිරීමෙන් අනතුරුව නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත ගෘහ උපකරණ කිහිපයක් සහ වියළි ආහාර සලාක පාර්සලයක් ද පරිත්‍යාග කෙරිණී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ නිවාසලාභින්ගේ ඥාතීන් ද එක්ව සිටියහ.