Header

Sri Lanka Army

Defender of the Nation

15th July 2024 15:09:29 Hours

යුද්ධ හමුදා යුද විද්‍යාලයේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

බුත්තල ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා යුද විද්‍යාලයේ 5 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී 2024 ජූලි මස 12 දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.

යුද විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව නියෝජ්‍ය සේනාවිධායකතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත් අතර එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූප කිහිපයකට සහභාගී වූ එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

රාජකාරි භාරගැනීමෙන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කළ සේනාවිධායකතුමන් යුද විද්‍යාලයේ අරමුණු, දැක්ම සහ මෙහෙවර සාක්‍ෂාත් කරගැනීම වෙනුවෙන් සියලුදෙනාගේ දායකත්වය සහ සහයෝගයේ ඇති වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එම මූලස්ථාන පහසුකම් සංකීර්ණයේදී සියලු නිල තේපැන් සංග්‍රහයක් පැවති අතර එහිදී, නව සේනාංකාධිපතිතුමන් සියලු නිලයන් සමඟින් සුහඳ අදහස් හුවමාරුවක ද නිරත විය.