2017-03-30 11:46:18
ජාතික ලේ බැංකුවේ ගබඩා කර ඇති රුධිර වර්ගවල හිඟතාවය පිරිමසා ගැනීම සඳහා 2017 අප්‍රේල් මස 6 වන දින කොළඹ යුද හමුදා රෝහලේ පරිශ්‍රයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්වීමට නියමිතය.
2017-03-29 12:29:52
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මාණ්ඩලික ප්‍රධානි තනතුර භාරගැනිමට පෙර යාපනය වන්නි ප්‍රදේශයේ පදිංචි හිටපු එල්ටිටිඊ සමාජිකයකුට නව රෝද පුටුවක් මෙම සාමාජිකයාගේ නිවසේ දී පිරිනමන ලදි. හිටපු එල්ටිටිඊ සාමාජිකයාගේ අවශ්‍යතාවය දැනගත් යාපනය....
2017-03-29 10:01:01
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ‘අරුණලු’ පුණ්‍ය වැඩසටහනේ සාමාජිකයින් අරලගංවිල ප්‍රදේශයේ පිහිටි කන්දේගම පාසලේ ළමුන් වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කළ අතර.....
2017-03-29 10:00:20
කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාව අතර සහයෝගිතාවය වර්ධනය කිරිමේ තවත් පියවරක් තබමින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන සහයෝගිතා මධ්‍යස්ථානයේ දී ජංගම වෛද්‍ය සායනයක් සහ කෘතිම අත් පා බෙදාදිමක් සංවිධානය කරන ලදි.
2017-03-29 09:03:38
ගැමුණු හේවා බලකා සේවා මුක්ත භට සංගමයේ (GWESRA) වාර්ෂික මහ සභා රැස්විම ඉරිදා (16) දින විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.
2017-03-29 09:02:50
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සඳුදා (27) දින 663 බලසේනාවේ සංචාරයක නිරත වු අතර, එම මුලස්ථාන පරිශ්‍රයෙදී භට පිරිස් විසින් යුද හමුදා සම්ප්‍රදානුකුලව ආඥාපතිතුමන්ව පිළිගන්නා ලදි.
2017-03-29 09:02:27
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ මඟපෙන්විම යටතේ ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ වැඩසටහන් මාලාව යටතේ තවත් එක් වැඩසටහනක් එම ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී අඟහරුවාදා (14) දින පැවැත්විය.
2017-03-29 09:00:37
අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංකය යටතේ ස්ථාපිත සියලුම බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් ‘එස් 5’ සංකල්පය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් අඟහරුවාදා (28) දින පවත්වන ලදි.
2017-03-28 20:18:32
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 112 වන බලසේනාවට අයත් 19 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සේවයේ නියුතු භට පිරිස් විසින් අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වෙරළුගස්තැන්න ශ්‍රී සුදර්ශනාරාමය විහාරස්ථානයේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් ඉරිදා (18) දින පවත්වන ලදී.
2017-03-28 12:06:00
යුද හමුදා මුලස්ථානයේ නවතමයෙන් පත් වූ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ඩි.සී.එස්. වන්නිආරච්චි සඳුදා (27) දින එම කාර්යාලයේ පැවති චාම් උත්සවයක දී සිය රාජකාරි භාරගනු ලැබීය. එහිදි නව උපකරණ මාස්ටර් ජෙනරාල්, නිල ලේඛණ අත්සන් තබමින් සංකේතාත්මකව නව තනතුරේ රාජකාරි භාරගත් අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් ද එක්ව සිටියහ.