Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2017 09:03:38 Hours

ගැමුණු හේවා බලකා සේවා මුක්ත භට සංගමයේ මහ සභා රැස්විම කුරුවිට දී

ගැමුණු හේවා බලකා සේවා මුක්ත භට සංගමයේ (GWESRA) වාර්ෂික මහ සභා රැස්විම ඉරිදා (16) දින විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.

ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් එම රෙජිමේන්තු කාර්ය මණ්ඩලය විසින් පිළිගත් අතර, අනතුරුව ඔවුන් පෙරහැරකින් රෙජිමේන්තු රණවිරු ස්මාරකය වෙත කැඳවාගෙන යන ලදි. එහිදි 2009 වර්ෂයට පෙර පැවති මානුෂිය මෙහෙයුමේ දී දිවිපිදු රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර දැක්විම ද සිදු කළහ.

ඉන් අනතුරුව මෙම මහා සභා රැස්විම ආරම්භ වූ අතර, එය එදින සන්ධ්‍යාව තෙක් පැවැත්විණි.

එමෙන්ම, මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ගැමුණු හේවා බලකා සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් හිරාන් එන්. හලන්ගොඩ (විශ්‍රාමික), එම සංගමය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද කාර්යාල සංකීර්ණය විවෘත කරන ලදි. මෙම රැස්විමෙන් පසු එම සංගමයේ සාමාජිකයින් නවතමයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ගැමුණු හේවා බලකා කෘතුකාගාරයේ සංචාරය කරන ලදි.

අනතුරුව, මේජර් ජෙනරාල් කුලතුංග පිහිණුම් තටාකය ප්‍රදේශයේ දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විය.

ගැමුණු හේවා බලකා සේවා මුක්ත භට සංගමයේ විධායක කමිටු සාමාජිකයින් සහ අනෙකුත් සාමාජිකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර, ගැමුණු හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද මීට එක්ව සිටියහ.

trace affiliate link | Sneakers