Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2017 12:29:52 Hours

යාපනය ආබාධිත එල්ටිටිඊ සාමාජිකයාගේ අවශ්‍යතාවය සපුරා දෙයි

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මාණ්ඩලික ප්‍රධානි තනතුර භාරගැනිමට පෙර යාපනය වන්නි ප්‍රදේශයේ පදිංචි හිටපු එල්ටිටිඊ සමාජිකයකුට නව රෝද පුටුවක් මෙම සාමාජිකයාගේ නිවසේ දී පිරිනමන ලදි.

හිටපු එල්ටිටිඊ සාමාජිකයාගේ අවශ්‍යතාවය දැනගත් යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන් කොළඹ ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශිලීයකුගේ මාර්ගයෙන් මෙම රෝද පුටුව කඩිනමින් පරිත්‍යාග කරන ලදි.

මෙහිදි යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් රෝද පුටුවක් පරිත්‍යාග කිරිමට අමතරව පාසල් ළමුන්ට පාසල් උපකරණ සහ වියළි ආහාර බෙදා දිමක් ද සිදු කරන ලදි.

තවද හිටපු එල්ටිටිඊ සාමාජිකයකයා සහ ළමුන් දෙදෙනා විසින් මෙම මහගු කර්තව්‍යය වෙනුවෙන් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත සිය කෘතඥතාවය පළ කළ සිටියහ.

spy offers | GOLF NIKE SHOES