Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2017 09:00:37 Hours

‘එස් 5’ සංකල්පය පිළිබඳව 24 වන සේනාංක නිලධාරීන් සහ සෙසු නිලයින් දැනුවත් කෙරේ

අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංකය යටතේ ස්ථාපිත සියලුම බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් ‘එස් 5’ සංකල්පය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් අඟහරුවාදා (28) දින පවත්වන ලදි.

24 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ ආරාධනයෙන් අම්පාර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පි.කේ.සී.එල්. ජයසිංහ මෙහි දේශන පවත්වමින්, ‘එස් 5’ සංකල්පය අම්පාර රෝහලේ ක්‍රීයාත්මක කර ලොව විශිෂ්ඨතම රෝහල් අතරට එක් වූ රෝහලක් ලෙස ලබාගත් ජයග්‍රහණය පිළිබඳව ද පැහැදිලි කරනු ලැබීය.

තවද මෙහිදි ‘එස් 5’ සංකල්පය සබැඳිව මල්ටි මිඩියා ආධාරයෙන් මෙන්ම සාකච්ඡා මඟින් ද දැනුවත් කිරීම් සිදු කළහ. 241 සහ 242 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 50 ක් සහ සෙසු නිලයින් 250 ක් මෙම දේශනය සඳහා සහභාගි වූහ.

Adidas shoes | Nike Off-White