2017-12-25 11:55:52
අනවිලවුදන්කුලම් සිවිල් වැසියන් සහ යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර සුහදත්වය වර්ධනය කිරිමේ අරමුණින් 65 වන සේනාංකය විසින් සෙනසුරාදා (16) දින අනවිලවුදන්කුලම් මහජන ක්‍රීඩාංගණයේ දී ක්‍රිකට් තරඟයක් පවත්වන ලදි.
2017-12-24 14:20:20
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ දැවන්තම ව්‍යාපෘතියක් වන ‘පාබල මේලා - 2017’ ප්‍රදර්ශනය හා සැණකෙළිය, දකුණේ නරඹන්නන් දහස්ගණනකගේ සහභාගිත්වයෙන් හික්කඩුව මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම දැවැන්ත සැණකෙළියේ ආරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති නියෝජනය කරමින්...
2017-12-24 14:06:08
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 233 වන බලසේනාවේ සම්බන්ධිකරණයෙන් මහජන බැංකුවේ බෞද්ධ සංගමයේ අනුග්‍රහය ඇතිව වැලිකන්ද සහ වාකරෙයි අවට මල්විල, සඳුන්පිටිය සහ නාමල්ගම යන ප්‍රදේශයන් හි අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් 150 ක් හට පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.
2017-12-23 17:48:11
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනංකයට අයත් 233 වන බලසේනාවේ භට පිරිස්, මහරගම ‘බෞද්ධ ආර්යා පදනමේ’ අනුග්‍රාහකත්වය ඇතිව වැලිකන්ද ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් 50 දෙනෙකු වෙනුවෙන් පෝෂ්‍යදායී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඬංගු පාර්සල් බෙදාදීමේ උත්සවයක් ඉරිදා (17) දින වැලිකන්ද, මොණරතැන්න විහාරස්ථානයේ දී පවත්වනු ලැබීය.
2017-12-23 17:24:42
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු ‘ආපදා කළමනාකරණය’ පිළිබඳව යුද්ධ හමුදා නිලධාරින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් සිකුරාදා (27) දින එම ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය.
2017-12-22 23:11:59
නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ, බ්‍රිගේඩියර් (වෛද්‍ය) එච්.ටි වික්‍රමසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් බදාදා (20) නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී සමාජ වෙබ් අඩවිවල භාවිතයේදි ඇතිවන අහිතකර බලපෑම් සබැඳිව ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදයේ (SLCERT) සහයෝගය ඇතිව දේශණයක් පවත්වන ලදි.
2017-12-22 20:11:51
66 වන සේනාංකයේ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වූ කොළඹ සිටින පරිත්‍යාගශිලින් පිරිසක් විසින් එම සේනාංකයේ තෝරාගත් හමුදා භටයින් 100 දෙනෙකුගේ පාසැල් යන දියණියන් සහ පුතණුවන් වෙත ඉරිදා (17) ත්‍යාග පාර්සල් සහ පාසැල් උපකරණ ප්රදානය කරන ලදි.
2017-12-22 17:48:52
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එන්.ඩි වන්නිආරච්චි ගේ මඟපෙන්විම යටතේ ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් බදාදා (13) දින සිය 10 වන සංවත්සරය සමරන ලදි.
2017-12-21 21:06:14
කුරුණෑගල “ඇතුගල්පුර නයිට් ෆ්ලේම් චෙස් සමාජය” විසින් 9 වන වරටත් ජාත්‍යන්තර චෙස් ක්‍රීඩා ප්‍රමිතීන්ට අනුකූලව බ්ලු ස්කයි හෝටල් භූමියේදි දෙසැම්බර් මස 14 සිට 18 දක්වා වෙළද සේවා සහ රාජ්‍ය අංශ කාණ්ඩයෙන් පවත්වනු ලැබු චෙස් ශූරතා තරගාවලියේ දී යුද්ධ හමුදා චෙස් ක්‍රීඩකයින් පිළිවෙලින් ශූරතාවය සහ අනු ශූරතාවය හිමි කර ගන්නා ලදි.
2017-12-21 20:52:21
2017 ජාතික ජුඩෝ ශුරතාවලිය අද (21) දින ක්‍රිඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්රීඩාගාරයේදී පැවැත්වුන අතර එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජුඩෝ කණ්ඩායම ජයග්‍රහණය අත්පත් කරගන්නා ලදී. ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ අධ්යක්ෂ සුජිත් ජයලත් මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.