Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2017 17:48:11 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් ගැබිනි කාන්තාවන්ට පෝෂ්‍යදායී ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක්

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනංකයට අයත් 233 වන බලසේනාවේ භට පිරිස්, මහරගම ‘බෞද්ධ ආර්යා පදනමේ’ අනුග්‍රාහකත්වය ඇතිව වැලිකන්ද ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් 50 දෙනෙකු වෙනුවෙන් පෝෂ්‍යදායී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඬංගු පාර්සල් බෙදාදීමේ උත්සවයක් ඉරිදා (17) දින වැලිකන්ද, මොණරතැන්න විහාරස්ථානයේ දී පවත්වනු ලැබීය.

පෝෂ්‍යදායී ආහාර, මඳුරු දැල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු රුපියල් 5000.00/= ක වටිනාකමින් යුතු ත්‍යාග පාර්සල් සෑම ගැබිනි මවකටම මෙහිදි පරිත්‍යාග කරන ලදි.

මෙම අවස්ථාවේදී, වැලිකන්ද මොණරතැන්න විහාරස්ථානයේ වැඩවාසි පූජ්‍ය ආචාර්ය මෙත්තාලංකාර ස්වාමින් වහන්සේ විසින් සෙත් පිරිත් සඡ්ඡායනාවක් සිදුකරමින් ගැබිනි මව්වරුන්ට ආශිර්වාද කළහ.

ගැබිනි මව්වරුන් සඳහා ත්‍යාග පාර්සල් බෙදාදීමේ අවස්ථාව සඳහා මහරගම ‘බෞද්ධ ආර්යා පදනමේ’ සභාපති ශම්මි මනෝජ් මහතා ඇතුළු සංවිධායක කමිටුවේ සාමාජිකයින් සහ 23 වන සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ද එක්ව සිටියහ.

latest Running | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth