Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2017 14:20:20 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ ‘පාබල මේලා - 2017’ හික්කඩුවේ දී

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ දැවන්තම ව්‍යාපෘතියක් වන ‘පාබල මේලා - 2017’ ප්‍රදර්ශනය හා සැණකෙළිය, දකුණේ නරඹන්නන් දහස්ගණනකගේ සහභාගිත්වයෙන් හික්කඩුව මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම දැවැන්ත සැණකෙළියේ ආරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති නියෝජනය කරමින් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලතුංග සහභාගි වූ අතර, තුර්යවාදක හා සරඹ සංදර්ශන, සුනඛ සංදර්ශන මෙන්ම යුද්ධ හමුදා පිරික්සුම් පහන් සංදර්ශන තුළින් ද මෙම සැණකෙළිය තවත් වර්ණවත් විය.

සෙනසුරාදා (23) දින රාත්‍රිය පුරාවටම ‘සීදුව සකුරා’ සංගීත කණ්ඩායම ප්‍රසංගවේදීකාව වර්ණවත් කළ අතර, අද (24) දින රාත්‍රියේ ‘සනිධප’ සංගීත කණ්ඩායම ප්‍රසංගවේදිකාව වර්ණවත් කරනු ඇත. එමෙන්ම, වාර්ෂිකව පවත්වනු ලබන ‘පාබල මේලා - 2017’ හී ලැබෙන ආදායම ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ සුබසාධන කටයුතු සඳහා යොදවනු ලබයි.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ සියලුදෙනාගේම සහයෝගයෙන් මෙම සැණකෙළිය පැවැත්වෙන අතර, රෙදි, කුළුබඩු, විසිතුරු භාණ්ඩ සහ ගෘහ භාණ්ඩ ඇතුළු අවශ්‍ය සියල්ලක්ම මිළ දී ගත හැකි ප්‍රදර්ශන කුටි රැසක් ද මෙහි ස්ථාපිතව ඇත.

අවසන් දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහභාගි විය.

Buy Sneakers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals