Header

Sri Lanka Army

Defender of the Nation

21st December 2017 20:52:21 Hours

2017 ජාතික ජුඩෝ ශුරතාවලිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

2017 ජාතික ජුඩෝ ශුරතාවලිය අද (21) දින ක්‍රිඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වුන අතර එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජුඩෝ කණ්ඩායම ජයග්‍රහණය අත්පත් කරගන්නා ලදී.

ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ සුජිත් ජයලත් මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.

දෙසැම්බර් 20 සහ 21 යන දෙදිනයන් හිදි ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රිඩා සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය සඳහා දිවයින පුරා ක්‍රිඩා සමාජ 80 ක් නියෝජනය කරමින් ජුඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 350 කට වැඩි පිරිසක් සහභාගි විය.

ලකුණු 57.5 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි ජුඩෝ කණ්ඩායම මෙම තරඟාවලියේ පිරිමි අංශයේ ශුරතාවය ද ලකුණු 43.5 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අනුශුරතාවය ද හිමි කරගන්නා ලදී.

ලකුණු 44.5 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ජුඩෝ කණ්ඩායම මෙම තරඟාවලියේ කාන්තා අංශයේ ශුරතාවය ද ලකුණු 14 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම අනුශුරතාවය ද හිමි කරගන්නා ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ජුඩෝ කණ්ඩායම නියෝජනය කරමින් ලාන්ස් කෝප්‍රල් ජේ.එම්.එන්. සිල්වා මෙම තරඟාවලියේ හොඳම ජුඩෝ ක්‍රිඩිකාව ලෙස සම්මාන හිමි කරගන්නා ලදී.

යුද්ධ හමුදා ජුඩෝ කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ශාන්ත දෙහිවත්ත, යුද්ධ හමුදා ජුඩෝ කමිටුවේ ලේකම් ලුතිතන් කර්නල් සුමේද විජේකෝන්, යුද්ධ හමුදා නිලධාරින් සහ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරිහු මේ සඳහා සහභාගි වුහ.

Sports News | jordan Release Dates