Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2017 20:11:51 Hours

හමුදා සාමාජිකයින්ගේ දූ පුතුන්ට ත්‍යාග ප්‍රදාන

66 වන සේනාංකයේ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වූ කොළඹ සිටින පරිත්‍යාගශිලින් පිරිසක් විසින් එම සේනාංකයේ තෝරාගත් හමුදා භටයින් 100 දෙනෙකුගේ පාසැල් යන දියණියන් සහ පුතණුවන් වෙත ඉරිදා (17) ත්‍යාග පාර්සල් සහ පාසැල් උපකරණ ප්‍රදානය කරන ලදි.

66 වන සේනාංකයේ සේවය කරන සෙබළුන්ගේ සුභසාධනය පිළිබඳ සැලකිලිමත් වෙමින් මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන, චේතිය ගුණසේකර, හේලිස් (පුද්) සමාගමේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසංක රත්නායක, සමන්ත රත්නායක මහතා, චතුරංගනී රත්නායක මහත්මිය හා දානපතියන් කිහිප දෙනෙකුගේ අතදීමෙන් කිලිනොච්චියේ දුර බැහැර පලාත්වල සේවය කරන යුද්ධ හමුදා නිළධාරින්ගේ සහ සෙසුනිළයින්ගේ දරුවන් දිරිගැන්වීමේ අරමුණින් මෙය සිදුකරන ලදි.

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් දුමින්ද කැප්පෙටිවලාන සහ නියෝජ්‍ය සොලිසිටර් ‍ජෙනරාල් චේතිය ගුණසේකර මහතා කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංක මූලස්ථානයේදී මෙම පරිත්‍යාග කටයුතු සිදුකරන ලදි.

url clone | New Releases Nike