Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2017 14:06:08 Hours

අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා පාසල් උපකරණ බෙදාදීමක්

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 233 වන බලසේනාවේ සම්බන්ධිකරණයෙන් මහජන බැංකුවේ බෞද්ධ සංගමයේ අනුග්‍රහය ඇතිව වැලිකන්ද සහ වාකරෙයි අවට මල්විල, සඳුන්පිටිය සහ නාමල්ගම යන ප්‍රදේශයන් හි අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් 150 ක් හට පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.

මෙම පාසල් උපකරණ බෙදාදීමේ උත්සව සඳහා මහජන බැංකු බෞද්ධ සංගමයේ කොළඹ ප්‍රධාන ශාඛාවේ මහා ලේකම් ප්‍රීති කොළොන්නගේ මහතා ඇතුළු මහජන බැංකු බෞද්ධ සංගමයේ සාමාජිකයින් සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ද එක්ව සිටියහ.

ආඩු ආදායම්ලාභී පවුල් වල පාසල් සිසුන් පාසල් උපකරණ නොමැතිවීම හේතුවෙන් පාසල් යෑමට අකමැති බව, 23 වන සේනාංකය යටතේ ස්ථාපිත 233 බලසේනා මුලස්ථානය කරන ලද සොයාබැලීම් වලදී අනාවරණය වී ඇත. ඒ අනුව, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති සහ 233 වන බලසේනාවේ බලසේනාධිපති ගේ උපදෙස් මත මහජන බැංකු බෞද්ධ සංගමයේ අනුග්‍රහය ඇතිව මෙම පාසල් උපකරණ බෙදාදිම සිදු කරනු ලැබීය.

මෙම පාසල් උපකරණ සඳහා අභ්‍යාස පොත්, චිත්‍ර පොත්, ගණිතමය උපකරණ සහ වෙළඳපොළේ මිල අධික වෙනත් අධ්‍යාපනික මෙවලම් ද ඇතුලත් විය.

මෙම අවස්ථාව සඳහා 233 වන බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එක්ව සිටියහ.

Sneakers Store | Sneakers Nike