2018-03-21 22:35:38
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද අන්තර් සේනංක පිහිනුම් ශුරතාවලිය - 2018 හි අවසන් තරඟ සෙනසුරාදා (17) දින අනුරාධපුර 21 වන සේනාංක මුලස්ථාන පිහිනුම් ක්‍රිඩා සංකිර්ණයේදී පැවැත්විණි. 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ අධික්ෂණයෙන් ......
2018-03-21 22:23:18
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වශයෙන් රාජකාරි කල මේජර් ජෙනරාල් රුවන් කුලතුංග සිය ධූරයෙන් සමුගැනීමේ උත්සවය සෙනසුරාදා (17) දින දඹුල්ල ප්‍රදේශයේ ස්ථානගත එම රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි. යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයට සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව යාන්ත්‍රික පාබල.....
2018-03-21 22:20:55
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් අනුව වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන පරිශයේ දී ‘සමාජ මාධ්‍ය ජාලා සහ සයිබර් අවකාශයෙන් එල්ලවන බලපෑම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳුදා (19) දින තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය විසින් පවත්වනු ලැබීය. තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලයේ.....
2018-03-20 21:14:44
උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක මෙන්ම යාපනය ශ්‍රී නාගවිහාරයේ විහාරාධිපති අපවත්වී වදාළ පූජ්‍ය මීගහජදුරේ ඥාණරතන ස්වාමින් වහන්සේගේ තෙමස්පුර්ණ අනුස්මරණ පිංකම යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භට පිරිස් හා යාපනය මහා සංඝරත්නය එක්ව සඳුදා (19) දින යාපනය ශ්‍රී නාගවිහාර පරිශ්‍රයේ දී පැවැත්විය.
2018-03-20 14:45:34
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ‘ගුණ ජය සතුට’ පදනමේ ප්‍රධානී කුෂිල් ගුණසේකර මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව බදාදා (14) දින කිලිනොච්චි ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල්වල සිසුන් 10 දෙනෙකු සඳහා නව පාපැදි බෙදාදෙන ලදී. හොඳහිත වර්ධනයට සහ සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ සංකල්පයකට අනුව ‘ගුණ ජය සතුට’ පදනමේ .....
2018-03-20 14:22:45
දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ (ජාතික පාසල) විදුහල්පතිතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංක මූලස්ථානයේ දී ‘නායකත්ව පුහුණු වැඩමුළුවක්’ සිසුන් 84 දෙනෙකු වෙනුවෙන් සඳුදා (19) දින පවත්වනු ලැබීය. එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරි II මේජර් එම්.පී. සිංහරාගේ විසින් සියලු කරුණු ආවරණය වන පරිදි හරවත් දේශනයක් මෙන්ම ශාරීරික .....
2018-03-20 13:27:56
‘මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය සහ නතුකරගත් ප්‍රතිශක්ති ඌණතා සහලක්ෂණය’ (HIV and AIDS) පිළිබඳ මෙන්ම එම රෝගය සම්පේෂණයවීම වැළක්වීම, සමාජයට ඇති බලපෑම, සමාජ සම්බන්ධතාවයන්, සංඛ්‍යාලේඛණ, රෝග ලක්ෂණ සහ ඖෂධ වර්ග පිළිබඳ ....
2018-03-19 15:14:48
‘අපි වවමු - රට නඟමු’ ජාතික ආහාර ව්‍යාපෘතියට සමඟාමීව ත්‍රිකුණාමලය යුද්ධ හමුදා භඨ කාර්ය සම්පාදන විද්‍යාලයේ භට පිරිස් අඹ, දොඩම්, දිවුල් හා දෙළුම් වැනි පළතුරු පැළ 1000 කට අධික ප්‍රමාණයක් බදාදා (15) දින රෝපණය කරන ලදී. යුද්ධ හමුදා භඨ කාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් දීපාල් .....
2018-03-19 14:37:53
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 593 වන බලසේනාව යටතේ සේවයේ නියුතු 19 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් සෙනසුරාදා (17) දින කිලෝමීටර් 8 ක පමණ දුරක් ඇති මූලතිව්, නයාරු සිට චෙම්මලෙයි දක්වා වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදි.
2018-03-16 14:21:24
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස්, මීගමුව ඔරින්ට් සිංහ සමාජය හා සම්බන්ධිකරණයෙන් කිලිනොච්චි සිසුන් වෙත පාපැදි බෙදාදීමේ උත්සවයක් බදාදා (14) දින කිලිනොච්චි සහයෝගීතා මධ්‍යස්ථානයේ දී පැවැත්විය.