Header

Sri Lanka Army

Defender of the Nation

20th March 2018 13:27:56 Hours

‘මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය සහ නතුකරගත් ප්‍රතිශක්ති ඌණතා සහලක්ෂණය’ ('HIV & AIDS') පිළිබඳ 22 වන සේනාංකයේ භට පිරිස් දැනුවත් කෙරේ

‘මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය සහ නතුකරගත් ප්‍රතිශක්ති ඌණතා සහලක්ෂණය’ (HIV and AIDS) පිළිබඳ මෙන්ම එම රෝගය සම්පේෂණයවීම වැළක්වීම, සමාජයට ඇති බලපෑම, සමාජ සම්බන්ධතාවයන්, සංඛ්‍යාලේඛණ, රෝග ලක්ෂණ සහ ඖෂධ වර්ග පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථානගත 22 වන සේනාංක මූලස්ථානයේ දී බදාදා (14) දින පැවැත්විණි.

ජොන් කීල්ස් පදනමේ ‘මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය සහ නතුකරගත් ප්‍රතිශක්ති ඌණතා සහලක්ෂණය’ (HIV and AIDS) පිළිබඳ පුහුණු උපදේශකවරයෙකු ඇතුළු එම පදනමේ සාමාජිකයින් විසින් ඉදිරිපත් කිරීම් මගින් එම රෝගය පිළිබඳ සියලු කරුණු ආවරණය වන පරිදි දේශන සිදු කරන ලදි. එමෙන්ම, මෙම වැඩමුළුව සඳහා නිලධාරින් සහ සෙසුනිලයින් 350 කට අධික පිරිසක් සහභාගි වූහ.

Sports News | Nike for Men