Header

Sri Lanka Army

Defender of the Nation

20th March 2018 14:22:45 Hours

දෙබරවැව පාසල් සිසුන් ‘නායකත්වය’ පිළිබඳ දැනුවත් කෙරේ

දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ (ජාතික පාසල) විදුහල්පතිතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංක මූලස්ථානයේ දී ‘නායකත්ව පුහුණු වැඩමුළුවක්’ සිසුන් 84 දෙනෙකු වෙනුවෙන් සඳුදා (19) දින පවත්වනු ලැබීය.

එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරි II මේජර් එම්.පී. සිංහරාගේ විසින් සියලු කරුණු ආවරණය වන පරිදි හරවත් දේශනයක් මෙන්ම ශාරීරික අභ්‍යාස හා සාමුහිකවය තුළින් කණ්ඩායමක් වශයෙන් අරමුණ ඉටුකරගන්නා අකාරය පිළිබඳ හා විනෝදස්වාදය ගෙන දෙන ක්‍රියාකාරකම් කිහිපයක් ද ඉදිරිපත් කරන ලදි. එමෙන්ම, මෙම වැඩමුළුව සඳහා විදුහල්පතිතුමන්, ගුරුවරුන් සහ ශීෂ්‍ය ශීෂ්‍යාවන් 84 දෙනෙකු සහභාගි වූහ.

best shoes | Air Jordan Release Dates 2020