Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2018 22:20:55 Hours

වන්නි සහ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයන්හි භට පිරිස් ‘සයිබර් අවකාශයෙන් එල්ලවන අපරාධ සහ සමාජ මාධ්‍ය ජාලා’ පිළිබඳ දැනුවත් කෙරේ

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් අනුව වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන පරිශයේ දී ‘සමාජ මාධ්‍ය ජාලා සහ සයිබර් අවකාශයෙන් එල්ලවන බලපෑම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳුදා (19) දින තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පවත්වනු ලැබීය.

තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් තොරතුරු තාක්ෂණ, කර්නල් නලින් ජයරත්න විසින් මෙහෙයවනු ලැබු මෙම දේශනය සඳහා නිලධාරින් සහ සෙසුනිලයින් 700 කට අධික පිරිසක් සහභාගි විය.

මෙහිදි මුහුණු පොත (Face Book), වයිබර් (Viber), වට්ස් ඇෆ් (Whats App) ආදී සමාජ ජාලා ආරක්ෂිතව පවත්වා ගන්නා ආකාරය පිළිබඳ සහභාගි වුවන් දැනුවත් කරන ලදී.

තවද සංවේදී ප්‍රචාරණ දැන්වීම් පලකිරීම, සංවේදි තොරතුරු ආරක්ෂිතව හුවමාරු කරගැනීම සහ අනවශ්‍ය ඡායාරූප උඩුගත කිරීමේ (uploading) අහිතකර බලපෑම් පිළිබඳ ඔවුන්ව දැනුවත් කළහ.

මෙම සැසියේ දී යුද්ධ හමුදා සාමාජිකයින්, සමාජ මාධ්‍ය ජාලා හරහා තොරතුරු හුවමාරු කරගැනීමේදි තමන් හමුදා සහ සිවිල් නීතියට යටත් බව අවධාරණය කළහ.

මෙම දේශනය වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මඟපෙන්වීමෙන් පවත්නු ලැබීය.

මීට අමතරව, තවත් දේශනයක් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මඟපෙන්වීම යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථාන ‘නෙළුම්පියස’ ශ්‍රවණාගාරයේ දී අඟහරුවාදා (20) දින පැවැති අතර ඒ සඳහා නිලධාරින් සහ සෙසුනිලයින් 900 කට අධික පිරිසක් සහභාගි වූහ.

latest jordans | Air Jordan