Header

Sri Lanka Army

Defender of the Nation

20th March 2018 21:14:44 Hours

අපවත්වී වදාළ යාපනය ශ්‍රී නාගවිහාරයේ විහාරාධිපති අනුස්මරණ පිංකම සඳහා භට පිරිස් සහාය දක්වයි

උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක මෙන්ම යාපනය ශ්‍රී නාගවිහාරයේ විහාරාධිපති අපවත්වී වදාළ පූජ්‍ය මීගහජදුරේ ඥාණරතන ස්වාමින් වහන්සේගේ තෙමස්පුර්ණ අනුස්මරණ පිංකම යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භට පිරිස් හා යාපනය මහා සංඝරත්නය එක්ව සඳුදා (19) දින යාපනය ශ්‍රී නාගවිහාර පරිශ්‍රයේ දී පැවැත්විය.

ඒ අනුව, අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බදාදා (19) දින උදෑසන ආගමික වතාවත් මධ්‍යයේ ‘පැන් වැඩිම’ සිදු කර මහා සංඝරත්නයට දානය පිරිනමනු ලැබීය.

මහා සංඝයා වහන්සේලා අනුශාසනා පවත්වමින්, අපවත්වී වදාළ මීගහජදුරේ ඥාණරතන ස්වාමින් වහන්සේ විසින් යාපනය අර්ධද්වීපයේ සාමය ස්ථාපිත කිරීමට මෙන්ම සංහිඳියාවට, සහවනයට හා සාමය පවත්වාගැනීමට දැක්වු දායකත්වය ප්‍රශංසාවට ලක් කළහ.

යාපනයේ පැවැති මෙම ආගමික උත්සවය සඳහා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සමගින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.

අපවත්වී වදාළ නායක ස්වාමින් වහන්සේ, වර්ෂ 1991 සිට නාග විහාරයේ විහාරාධිපති වශයෙන් කටයුතු කර ඇති අතර ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ ජනවාර්ගික සමගියෙන් සහ සංහිඳියාවෙන් යුතුව කටයුතු කර ඇත.

මෙම උත්සවය සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා, කොළඹ අගරඳගුරු පූජ්‍ය මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්, හින්දු පූජකවරුන්, කතෝලික පූජකවරුන් සහ මවුලවිතුමන්ලා ද සහභාගී වූහ.

buy shoes | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov