2024-08-05 17:16:07
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 අගෝස්තු මස 03 දින මන්නාරම රදගුරු ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමියන් බැහැදැකීම සඳහා බිෂොප් නිලනිවස වෙත පැමිණියේය. ඔවුන්ගේ සුහද සාකච්ඡාවේදී ආරක්ෂක සේනා ආඥාපති - වන්නි වෙත රදගුරුතුමා සිය සුබ පැතුම් එක් කළේය.
2024-08-05 17:14:39
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධ සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 අගෝස්තු මස 04 දින 10 ( ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත වූයේය.
2024-08-05 11:15:56
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී විසින් ගජසිංහපුර ස්ථාපිත 213 පාබල බලසේනාවේ සහ ප්‍රාදේශීය යුධෝපකරණ ගබඩාවේ 2024 අගෝස්තු මස 02 දින නිල සංචාරයක නිරත වූහ.
2024-08-04 11:49:35
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි 2024 අගෝස්තු මස 01 දින ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර හමුවූයේය.
2024-08-04 11:47:34
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර සංකල්පයක් සහ මඟපෙන්වීම යටතේ එම සේනාංක මුලස්ථානය විසින් සංවිධානය කරන ලද සිංහල භාෂා පාඨමාලාවේ සහතිකපත්‍ර ප්රදානය කිරීමේ උත්සවය 2024 අගෝස්තු මස 03 දින කොක්කඩිචෝලෙයි සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම භාෂා පාඨමාලාව 2024 ජනවාරි මස 06 දින ආරම්භ වූ අතර, දමිළ සිසුන්ගේ සිංහල භාෂා කුසලතාවත් සිංහල සිසුන්ගේ දමිළ භාෂා හැකියාව වර්ධනය කිරීම තුළින් ජාතික ආගමික සහ සංස්කෘතික සංහිඳියාව ඇතිකර අන්‍යොන්‍ය සහයෝගීතාව වැඩිදියුණු කිරීම මෙම පාඨමාලාවේ අරමුණ විය. මෙම පාඨමාලාව සඳහා මඩකලපුව රාමක්‍රිෂ්ණ විද්‍යාලයෙන් සහ මුදලිකුඩා මහා විද්‍යාලයෙන් සිසුන් 115 දෙනෙක් සහභාගි වූහ.
2024-08-04 11:46:17
221 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පී රත්නායක ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ එම බලසේනාවේ භට පිරිස් විසින් පුල්මුඩේ කණිජවේලි සිංහල පාසලේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
2024-08-04 11:45:22
යුද්ධ හමුදා අධ්යක්ෂ ජනරාල් පාබල සහ ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී 2024 ජූලි මස 29 දින ආරක්ෂක සේනා මූලස්ථාන - නැගෙනහිර පිහිටි බලඇණි පුහුණු පාසලේ නිල සංචාරයක නිරත වූයේය.
2024-08-02 17:58:28
රිදියගම ප්‍රදේශයේ අස්වැද්දූ අක්කර 30ක වී අස්වැනු නෙලීම 2024 ජූලි මස 30 දින පැවැත්විය. මෙම අවස්ථාවට අධ්යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී වූයේය.
2024-08-02 17:47:22
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධ සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 27 සහ 28 දින 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, 9 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සහ ඉංජිනේරු සේවා වෘත්තීය පාසල වෙත නිල සංචාරයක නිරත විය.
2024-08-02 17:45:13
4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මාතලේ කයිකාවල ප්‍රදේශයේ දිවිගෙවන දිවංගත කෝප්රල් එච්.පී.එන්. උදය කුමාර ගේ පවුලට නව නිවසක් ඉදිකර දෙන ලදී. මෙම නිවස 2024 ජූලි මස 29 දින පැවති කෙටි උත්සවයකදී ප්‍රතිලාභියා වෙත පවරා දෙන ලදී.