Header

Sri Lanka Army

Defender of the Nation

05th August 2024 11:15:56 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි 213 පාබල බලසේනාවේ සහ ප්‍රාදේශීය යුධෝපකරණ ගබඩාවේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී විසින් ගජසිංහපුර ස්ථාපිත 213 පාබල බලසේනාවේ සහ ප්‍රාදේශීය යුධෝපකරණ ගබඩාවේ 2024 අගෝස්තු මස 02 දින නිල සංචාරයක නිරත වූහ.

එම ස්ථානය වෙත සැපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එම සංචාරය සනිටුහන් කරමින් එතුමන් විසින් පැලයක් රෝපනය කිරීම සිදුවිය. පසුව ආඥාපතිතුමන් 213 පාබල බලසේනාවේ තත්ත්වය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගනු ලැබීය.

ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි විසින් ප්‍රාදේශීය යුධෝපකරණ ගබඩාවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරතවිය. සංචාරය අවසන් කිරීමට ප්‍රථම එතුමන් විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක්ද තැබීය. මෙම නිල සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද සහභාගී වූහ.