Header

Sri Lanka Army

Defender of the Nation

05th August 2024 17:14:39 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති 10 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධ සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 අගෝස්තු මස 04 දින 10 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත වූයේය.

ප්‍රධාන දොරටුව වෙත සපැමිණි බලකාධිපතිතුමන් එම ඒකකයේ අණදෙන නිලධාරි මේජර් ආර්.පී.ඒ රෝහණ යූඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකළේය.

අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් සියලු නිලයන් සමූහ ඡායාරූපයකට පෙනී සිට එම කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කළේය. බලකාධිපතිතුමන් භට පිරිස් අමතමින් ඒකකයේ කැපවීම, වෘත්තීයභාවය සහ විනය පිළිබඳ උසස් ප්‍රමිතීන් අවධාරණය කළේය. අණදෙන නිළධාරී තුමන් විසින් බලකාධිපතිතුමන් වෙත සමරු ඵලකයක් ප්‍රදානය කරන ලදී. අනතුරුව,එතුමන් කඳවුරු සංචාරයක නිරත වූයේය.

නිල සංචාරයේ අවසානයේදී එතුමන් විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක් තැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.