Header

Sri Lanka Army

Defender of the Nation

04th August 2024 11:47:34 Hours

සිංහල සහ දමිළ සිසුන් අතර සහංහිදියාව ඇතිකිරීමේ භාෂා පුහුණු වැඩසටහනේ සහතිකපත් ප්‍රදානය කොක්කඩිචෝලෙයි සංස්කෘතික මධ්‍යස්ථානයේ දී

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සංකල්පයක් සහ මඟපෙන්වීම යටතේ එම සේනාංක මුලස්ථානය විසින් සංවිධානය කරන ලද සිංහල භාෂා පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය 2024 අගෝස්තු මස 03 දින කොක්කඩිචෝලෙයි සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම භාෂා පාඨමාලාව 2024 ජනවාරි මස 06 දින ආරම්භ වූ අතර, දමිළ සිසුන්ගේ සිංහල භාෂා කුසලතාවත් සිංහල සිසුන්ගේ දමිළ භාෂා හැකියාව වර්ධනය කිරීම තුළින් ජාතික ආගමික සහ සංස්කෘතික සංහිඳියාව ඇතිකර අන්‍යොන්‍ය සහයෝගීතාව වැඩිදියුණු කිරීම මෙම පාඨමාලාවේ අරමුණ විය. මෙම පාඨමාලාව සඳහා මඩකලපුව රාමක්‍රිෂ්ණ විද්‍යාලයෙන් සහ මුදලිකුඩා මහා විද්‍යාලයෙන් සිසුන් 115 දෙනෙක් සහභාගි වූහ.

මෙම පාඨමාලාවේදී දමිළ සහ සිංහල සිසුන් අතර සුහදත්වය වර්ධනය කිරීම සහ අන්‍යොන්‍ය අවබෝධය ඇති කිරීම ප්‍රධාන අරමුණ විය. මෙම පාඨාමාලාවේදී සිසුන් දැක්වූ භාෂා කුසලතාවයන් ඇගයීමට ලක්විය.

මෙම උස්ත්සව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහභාගී වූ අතර, එම අවස්ථාවට සහභාගී වූවන් අමතමින් සහජීවනය වැඩිදියුණු කිරීම සඳහා එකිනෙකාගේ භාෂාවන් අවබෝධ කර ගැනීමේ වැදගත්කම අවධාරනය කළේය. එතුමන් සිසුන්ගේ භාෂා කුසලතා තවදුරටත් වර්ධනය කර ගැනීමට උනන්දු කළ අතර, කලාපයේ සාමය සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දායකත්වය තවත් වර්ධනය කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට මෙතෝදිස්ත පල්ලියේ අගරදගුරු එබනේසර් ජෝසප් හිමිපාණන්, කොක්කඩිචෝලේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසතක් සහභාගී වූහ.