Header

Sri Lanka Army

Defender of the Nation

04th August 2024 11:49:35 Hours

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි 2024 අගෝස්තු මස 01 දින ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර හමුවූයේය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී විසින් සහකාර ආරක්‍ෂක උපදේශකතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම සුහඳ හමුවේදී දෙරට අතර බැඳීම වැඩි දියුණු කිරීම සඳහා ද්විපාර්ශ්වික සබඳතා සහ හමුදා රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳවත් සිවිල්-හමුදා සහයෝගීතාවය සමාජ සුබසාධන ව්‍යාපෘති සහ නැගෙනහිර ප්‍රදේශයේ සංවර්ධන පිළිබවඳ සාකච්ඡා කළහ.

සහකාර ආරක්‍ෂක උපදේශක විසින් විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක්ද තැබීය. අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.