02nd August 2024 17:47:22 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධ සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 27 සහ 28 දින 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, 9 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සහ ඉංජිනේරු සේවා වෘත්තීය පාසල වෙත නිල සංචාරයක නිරත විය.
එම ස්ථානයන් වෙත සැපැමිණි බලකාධිපති තුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ සේනාවිධායක සහ බළඇණි වල අණදෙන නිලධාරින් විසින් පුහුණු පාසලේ සහ බලඇණි වල කාර්යභාරය හා කාර්යන් පිළිබඳව එතුමන්ව දැනුවත් කළේය. අනතුරුව එතුමන් එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමූහ ඡායාරූප සඳහා පෙනී සිටම සහ එම කඳවුරු පරිශ්‍රයන් හි පැළයක් රෝපණය කිරීම සිදු කරනු ලැබීය.
පුහුණු පාසලේ සහ බළඇණි වල පහසුකම් නිරීක්ෂණය කල එතුමන් අනතුරුව, භට පිරිස් අමතමින් වෘත්තීයභාවය සහ විනය පවත්වාගැනිමේ වැදගත් කම අවධාරණය කළේය. පසුව සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ බලකාධිපතිතුමන් භට පිරිස් සමඟ සුහඳ පිළිසඳරක නිරත විය. නිල සංචාරය අවසනයේ එතුමා විසින් විශේෂ අමුත්තන්ගෙ සමරු සටහන් පොතේ සටහනක් තැබීය.