2018-05-29 18:38:10
වඩාත් ප්‍රමුඛතම පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පිළිගැනෙන පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථානයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින් සඳහා ‘නුතන සමාජ ආචාර ධර්ම සහ පුද්ගල සංවර්ධනය’ (Modern Social Etiquette & Individual Grooming) පිළිබඳ පාඨමාලාවක් පවත්වන ලදි.
2018-05-29 18:27:32
නගර සභා සහ ප්‍රාදේශීය සභාවන් හි සේවයේ නියුතු නිලධාරින් / නිලධාරිණියන් සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව තුලින් නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප සංවර්ධනය පිළිබඳ පුහුණු වැඩමුළුවේ දෙවන අදියර මැයි මස 21 සිට 25 දක්වා දියතලාව ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ දී සහ දියතලාව ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ දී පවත්වන ලදි.
2018-05-28 20:08:21
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ තවත් ප්‍රජා සේවාවක් ලෙස පොල් වගා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, සෙනසුරාදා (26) දින වල්ලිපුරම් කෝවිලේ භාරකරුවන් සහ වල්ලිපුරම් ප්‍රදේශයේ පවුල් 36 ක් වෙත පොල් පැළ බෙදාදෙන ලදි. ආර්ථික වටිනාකමින් යුත් පොල් ශාඛය වරප්රසාදිත සිවිල් වැසියන් අතරේ ප්‍රචලිත කිරිමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මුලිකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.
2018-05-28 19:50:31
රජරට විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේ දී සෙනසුරාදා (26) දින සමස්ත ලංකා සය සාමාජික හොකී තරඟාවලිය පැවැත් වූ අතර එහි ශුරතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා හොකී ‘ඒ’ කණ්ඩායම දිනාගන්නා ලදි. ඒ කාණ්ඩය යටතේ එම තරඟාවලියට ත්‍රිවිධ හමුදාව සහ පොලිසීය ඇතුලු කණ්ඩායම් 10 ක් ඇතුලත් විය.
2018-05-28 15:16:35
ගංවතුර තත්වයෙන් පීඩාවට පත් කෑගල්ල, කළුතර, පොළොන්නරුව, මහනුවර, ගාල්ල, රත්නපුර, ගම්පහ, පුත්තලම, මාතර, කුරුණෑගල, බදුල්ල, කොළඹ යන දිස්ත්‍රික්කයන් වෙත සිකුරාදා (25) දින සන්ධ්‍යාව වන විට සියගණනින් වු යුද්ධ හමුදා භට පිරිස් යොදවා ඇති අතර ඔවුන් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ආපදා කළමණාකරන මධ්‍යස්ථානයන් හා සම්බන්ධිකරණයෙන් යුතුව ගලවාගැනිමේ සහ සහන මෙහෙයුම් කටයුතුවල අඛණ්ඩව නිරතව සිටී.
2018-05-27 20:16:59
කුරුණෑගල ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂා පතනය හේතුවෙන් කුරුණෑගල වැව් බැම්මේ ආරක්ෂාව සඳහා මෙන්ම ජල ගැල්ම වැලැක්වීම සඳහා 53 වන සේනාංක භට පිරිස් සිකුරාදා (25) දින රාත්‍රී කාලයේ දී වැලි කොට්ට විශාල ප්‍රමාණයක් අසුරන ලදී.
2018-05-27 20:15:12
පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මහවැව ප්‍රදේශය මුළුමනින්ම ජලයෙන් යටවී ඇති අතර අද (26) දින 16 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පීඩාවට පත් වු ප්‍රදේශවාසීන් හට මහවැව මංසන්ධියේ සිට මාදම්පේ, තනිවැල්ල දේවාලය වෙත ප්‍රවාහන පහසුකම් සලසා දෙන ලදී.
2018-05-26 18:12:09
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පන්දු වාර 20/20 තරඟාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳුදා (28) දින දිවයිනෙන් පිටත්ව ගියහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම.....
2018-05-26 18:09:09
ගංවතුර හේතුවෙන් ‘ඊරීය ඇල’ හි කුණු රොඩු තැන්පත් වී ජලය බැස යාම අවහිරවීමෙන් වත්තල නගරයට ගංවතුර අවධානමක් ඇති විය හැකි බැව් ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමකට අනුව 14 වන සේනාංකයට අයත් 8 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් එම කුණුරොඩු සෙනසුරාදා (26) දින ඉවත් කිරීමට පියවර ගන්නා ලදී.
2018-05-26 17:09:57
2009 මැයි මාසයට ප්‍රථමයෙන් බෙදුම්වාදී එල්ටිටිඊ ත්‍රස්ථවාදයට එරෙහිව දියත් කරන ලද මානුෂීය මෙහෙයුමේ නිරත ව සිටියදී පෙරියමඩු ප්‍රදේශයේ දී තුවාල ලැබු 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සැරයන් ඊ.ඒ.එස් ඒකනායක දැනට පාන්ගොල්ල.....