26th May 2018 18:12:09 Hours
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පන්දු වාර 20/20 තරඟාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳුදා (28) දින දිවයිනෙන් පිටත්ව ගියහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පන්දු වාර 20/20 ක්‍රිකට් තරඟ 4 ක් සඳහා සහභාගීවීමට නියමිත අතර එම තරඟාවලිය සාජා හී ස්කයිලයින් විශ්වවිද්‍යාල (Skyline university) ක්‍රීඩාංගණයේ දී මැයි මස 29, 30, 31 දින සහ ජුනි මස 2 යන දිනයන් හීදි පැවැත්වේ. මෙම තරඟ සංචාරය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 19 දෙනෙකු සහභාගි වේ.
Sport media | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov