27th May 2018 20:16:59 Hours
කුරුණෑගල ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂා පතනය හේතුවෙන් කුරුණෑගල වැව් බැම්මේ ආරක්‍ෂාව සඳහා මෙන්ම ජල ගැල්ම වැලැක්වීම සඳහා 53 වන සේනාංක භට පිරිස් සිකුරාදා (25) දින රාත්‍රී කාලයේ දී වැලි කොට්ට විශාල ප්‍රමාණයක් අසුරන ලදී.
ධාරාණිපාත වැසි හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති කුරුණෑගල නගරය මධ්‍යයේ පිහිටා ඇති හදවත බදු කුරුණෑගල වැව හේතුවෙන් එම නගරය වෙත ගංවතුර බලපෑමක් එල්ල විය හැකිය.
මෙම අනතුරුදායක තත්වය සැලවීමත් සමගම 532 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික ජයසුන්දර ගේ උපදෙස් පරිදි එම බලසේනාවේ 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 25 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් විසින් වැව් බැම්ම වටා වැලි කොට්ට අසුරා ආරක්‍ෂාව සලසන ලදී.
ඇතිවී ඇති ආපදා තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු අදාළ පළාත් පාලන ආයතන හා රාජ්‍ය ආයතන සමග සහයෝගයෙන් යුතුව ආපදාවට ලක්වුවන්ට අවශ්‍ය සහන කටයුතු සැලසීම සඳහා සියලු පියවරයන් ගෙන ඇත.
ගංවතුර තත්ත්වයෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශයන් හි ජනතාව මූදාගැනීම හා සහන සේවා කටයුතු සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතනයන්හි නිලධාරීන් විශාල පිරිසක් යොදවා ඇත.
Asics shoes | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival