Header

Sri Lanka Army

Defender of the Nation

28th May 2018 19:50:31 Hours

යුද්ධ හමුදා හොකී ක්‍රීඩකයින් වෙත කුසලාන 13 ක්

රජරට විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේ දී සෙනසුරාදා (26) දින සමස්ත ලංකා සය සාමාජික හොකී තරඟාවලිය පැවැත් වූ අතර එහි ශුරතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා හොකී ‘ඒ’ කණ්ඩායම දිනාගන්නා ලදි.

ඒ කාණ්ඩය යටතේ එම තරඟාවලියට ත්‍රිවිධ හමුදාව සහ පොලිසීය ඇතුලු කණ්ඩායම් 10 ක් ඇතුලත් විය.

අවසන් පූර්ව වටයේ දී ගෝල 2 ට 1 ක් ලෙස ගුවන් හමුදා ‘ඒ’කණ්ඩායම පරාජයට පත් කරමින් යුද්ධ හමුදා ‘ඒ’ කණ්ඩායම ජයග්‍රහණය කළ අතර, යුද්ධ හමුදා ‘බී’ කණ්ඩායම ගුවන් හමුදා ‘බී’ කණ්ඩායම සමඟ ගෝල 3 ට 0 ක් ලෙස ජයග්‍රහණය කළද, අවසාන මහා තරඟයේ දී යුද්ධ හමුදා ‘එ්’ කණ්ඩායම ගෝල 4 ට 1 ක් ලෙස යුද්ධ හමුදා ‘බී’ කණ්ඩායම පරාජයට පත් කළහ.

ශ්‍රී ලංකා යුද්ධ සේවා බලකායේ ලාන්ස් කොප්‍රල් ආර්.එම්.ඒ. සුරේෂ් තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, ශ්‍රී ලංකා යුද්ධ සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් යූ.ජි.සී කීර්ති දක්ෂතම ආරක්ෂකයා ලෙසත් කුසලාන හිමිකරගනු ලැබීය.

යුද්ධ හමුදා හොකී කමිටුවේ මෙන්ම ආරක්ෂක සේවා හොකී කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදා හොකී ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා සැලසුම් හා පුහුණු කටයුතු පිළිබඳ නිරන්තරයෙන් සොයා බලනු ලැබීය.

Sportswear Design | Air Jordan