2016-12-21 13:41:28
66 වන සේනාංක භටපිරිස් විසින් කොළඹ තරුණ ක්‍රිස්තියානි සමාජය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව පූනරීන් ප්‍රදේශයේ පාසල් සිසුන් වෙත පාසල් උපකරණ විශාල ප්‍රමාණයක් බෙදාදීමේ උත්සවය (17) සෙනසුරාදා පවත්වනු ලැබීය.
2016-12-21 13:40:47
2016 අප්‍රේල් මස ආරම්භ වී වසරකට ආසන්න දීර්ඝ කාලයක් පැවති සැගවුණු වෙඩික්කරු පාඨමාලා අංක 18 හි පාඨමාලාලාභීන්ගේ විසිරයාමේ පෙළපාලිය අඟහරුවාදා (20) දින දියතලාව ක්ෂේත්‍ර වෙඩි පිටියේ දී පැවති පවත්වනු ලැබීය.
2016-12-21 11:51:55
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි ඔහුගේ පළමු නිල සංචාරය තුලදී ඉදිරි නඩත්තු පෙදෙස -නැගෙනහිර, මින්නේරිය පිහිටි 3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු මූලස්ථානය සහ හබරන පිහිටි 5 වන ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායෙහි සංචාරයක නිරත විය.
2016-12-21 11:50:16
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන සම්බන්ධීකරණයෙන් 51 වන සේනාංකය විසින් නත්තල් කැරොල් ගී සංදර්ශණයක් සඳුදා (19) දින යාපනය ශාන්ත මරියා දේවස්ථානයේ දී සංවිධානය කරන ලදී. යාපනය රදගුරු අති උතුම් ජස්ටින් ඥානප්‍රකාශ් හිමිපාණන්ගේ මූලිකත්වයෙන් යුද හමුදා භට පිරිස් කණ්ඩායමක් පාසල් සිසුන් සමගින් නත්තල් කැරොල්.....
2016-12-21 10:46:50
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකය සිය තෙවන සංවත්සරය අඟහරුවාදා (20) දින සමරනු ලැබීය.
2016-12-21 10:01:56
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයෙහි භට පිරිස් විසින් කොළඹ ‘විශ්වපාරමී’ පදනම සමග එක්ව පූනරීන් ප්‍රදේශයේ අවශ්‍යතාවන් ඇති ජනතාව වෙත අක්ෂි සායනයක් සහ ඇස් කණ්නාඩි බෙදා දීමේ උත්සවයක් ඉරිදා (18) දින පූනරින් හි පිහිටි ශ්‍රී විග්නේෂ්වරන් පාසලේ දී සිදු කරන ලදී.
2016-12-21 10:00:32
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය මගින් පවත්වනු ලැබූ ඉංග්‍රීසි පාඨමාලාව අංක 5 සාර්ථකව හැදෑරූ නීලධාරීන් හට සහතික පත්‍ර ප්රදානය කිරීමේ උත්සවය සඳුදා (19) දින එම මූලස්ථාන ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබීය.
2016-12-20 11:00:26
නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා 2016 දෙසැම්බර් මස 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි (දෙසැම්බර් 1 -31) දක්වා ලබා දී තිබූ පොදු සමා කාලය තුලදී අඟහරුවාදා (19) දින පස්වරුව වන විට යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් 2494 දෙනෙකු නිත්‍යානුකූව සේවයෙන් ඉවත් වීම සඳහා වාර්ථා කර ඇත.
2016-12-20 10:09:14
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඒ.පි.ද ඉසෙඩ් වික්‍රමරත්නගේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව පදනමේ සහාපති වෛද්‍ය අරුණසිරි ඉද්දමල්ගොඩ මහතා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සදහා නව ගිලන් රථයක් පරිත්‍යාග කිරිම ඉරිදා (18) දින සිදුකරනු ලැබිය.
2016-12-20 10:05:04
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා භට පිරිස් විසින් එම මූලස්ථානයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ නව කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාව සෙනසුරාදා (17) දින විවෘත කරනු ලැබීය.