Header

Sri Lanka Army

Defender of the Nation

21st December 2016 10:46:50 Hours

24 වන සේනාංකය සිය සංවත්සරය සමරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකය සිය තෙවන සංවත්සරය අඟහරුවාදා (20) දින සමරනු ලැබීය.

24 වන සේනාංකයෙහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් එල්.එම් මුදලිගේ මඟපෙන්වීම යටතේ සංවත්සරයේ වැඩසටහන් කිහිපයක් සංවිධානය කරනු ලැබීය.

එහිදී සේනාංකාධිපතිවරයා මූලස්ථාන පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් විසින් කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

එම වැඩසටහන අතරතුර දී සේනාංකාධිපතිවරයා විසින් එම මූලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කරනු ලැබීය.

සේනාංකාධිපතිවරයා භට පිරිස් ඇමතීමෙන් අනතුරුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට ද එක් විය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සියලුම අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මෙම සංවත්සර වැඩසටහනට සමඟාමීව නොවැම්බර් මස 24 සිට 27 වන දින දක්වා ලේ දන් දීමේ වැඩසටහනක්, සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක්, බහු ආගමික වතාවත් ද සිදු කරනු ලැබීය.

Authentic Nike Sneakers | Nike