Header

Sri Lanka Army

Defender of the Nation

21st December 2016 10:01:56 Hours

66 වන සේනාංකයෙන් පූනරීන් වැසියන් වෙත නොමිලේ ඇස් කණ්නාඩි

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයෙහි භට පිරිස් විසින් කොළඹ ‘විශ්වපාරමී’ පදනම සමග එක්ව පූනරීන් ප්‍රදේශයේ අවශ්‍යතාවන් ඇති ජනතාව වෙත අක්ෂි සායනයක් සහ ඇස් කණ්නාඩි බෙදා දීමේ උත්සවයක් ඉරිදා (18) දින පූනරින් හි පිහිටි ශ්‍රී විග්නේෂ්වරන් පාසලේ දී සිදු කරන ලදී.

‘විශ්වපාරමී පදනමේ වෛද්‍ය නිමල් කරුණාසිරි සහ ඔහුගේ කණ්ඩායම විසින් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී මෙම අක්ෂි සායනය පවත්වන ලදී.

අක්ෂි සායනයෙන් අනතුරුව තෝරාගත් සිවිල් වැසියන් 350 දෙනෙකු වෙනුවෙන් විශ්වපාරමී පදනමේ අනුග්‍රහයෙන් රුපියල් 130,000.00 වටිනා ඇස් කණ්නාඩි නොමිලේ බෙදා දීම සිදු කරන ලදී.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මගපෙන්වීම යටතේ 65 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස්මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙහි ආරම්භක අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චරිත් කැප්පෙටිවලාන සහභාගි වූහ.

‘විශ්වපාරමී’ පදනමේ සාමාජිකයින් පූනරීන් රෝහලේ කාර්ය මණ්ඩලය, නිලධාරීන් , සෙසු නිලයින් ඇතුළු සිවිල් වැසියන් විශාල පිරිසක් මෙම අවස්ථාව සදහා එක්ව සිටියහ.

Mysneakers | Nike Shoes