Header

Sri Lanka Army

Defender of the Nation

20th December 2016 10:09:14 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සදහා නව ගිලන් රථයක්

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඒ.පි.ද ඉසෙඩ් වික්‍රමරත්නගේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව පදනමේ සහාපති වෛද්‍ය අරුණසිරි ඉද්දමල්ගොඩ මහතා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සදහා නව ගිලන් රථයක් පරිත්‍යාග කිරිම ඉරිදා (18) දින සිදුකරනු ලැබිය.

මෙම ගිලන් රථය උත්සවාකාරයෙන් භාරදීම වැහැරවත්ත පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සිදුකරන ලදි.

මෙම පරිත්‍යාගය සම්බන්ධිකරණය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු මුලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් යු.පි.සි.කේ පුංචිනිලමේ විසින් සිදුකරනු ලැබිය.

මෙම ගිලන් රථය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රණ විරුවන් ගේ සුභසාධනය සඳහා භාවිතා කරන අතර, මෙම උත්සවය සංස්කෘතික හා සංගීතමය වැඩසටහන් වලින් යුක්ත විය.

ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව පදනම නියෝජනය කරමින් වෛද්‍ය අරුණසිරි ඉද්දමල්ගොඩ මහතා, විශේෂඥ වෛද්‍ය ඩි.සී. රාජපක්ෂ මහතා, විපුල ඉද්දමල්ගොඩ මහතා ඇතුළු තවත් කිහිපදෙනෙකු මෙම අවස්ථාව සදහා එක්ව සිටියහ.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවා වනිතා ඒකකයේ සහාපතිනි රුවිනි සුජීවා වික්‍රමරත්න, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරින් සහ රෙජිමේන්තු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාව සදහා එක්ව සිටියහ.

Sports brands | Nike for Men